28 C
Colombo
Sunday, September 8, 2024

මලාවි නියෝජ්‍ය ජනපති ගුවන්‍ අනතුරින් මරුට

- Advertisement -

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව මීට පෙර එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටයි.

කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවන විට යානය රේඩර්වලින් තිරයෙන් අතුරුදන් වී ඇති අතර, එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවසුවා.

මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අනතුර හේතුවෙන් එම ගමන අවලංගු කළ බවද වාර්තා වනවා.

යානය අනතුරට පත් වීමට මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයකින් බවයි වාර්තා වන්නේ.

ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්.


RECENT ARTICLES - SINHALA

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ. නිල ඡන්ද...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...