26 C
Colombo
Thursday, December 26, 2024

ගුරු – විදුහල්පතිවරුන් හෙට දැවැන්ත උද්ඝෝෂණයක

- Advertisement -

හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ අනුව, හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

ගුරු – විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා,

“දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු – විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක.”

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

ගංවතුරෙන් හානි වූ ගොවිබිම් රැසක් හඳුනාගෙන

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හදුනාගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දිමක්

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි...

POPULAR ARTICLES