26.9 C
Colombo
Friday, March 14, 2025

ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති

- Advertisement -

ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වනු ඇති.

ඔස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ සිය වීසා නීති දැඩි කිරීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කළ අතර 2025 වනවිට රටට පැමිණෙන සංක්‍රමණිකයින් ගණන සියයට 50කින් කප්පාදු කිරීමේ ඉලක්කයක් ස්ථාපනය කළා.

එහිදී ඔවුන්ගේ වැඩිම අවධානය යොමුව තිබුණේ ශිෂ්‍ය වීසා කප්පාදුව සම්බන්ධයෙන්.

ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳී සිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට මෙතෙක් ලබාදී තිබූ අවස්ථාව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

එම නීතිය ක්‍රියාවට නැංවෙන්නේ ලබන ජූලි මස පළමුවැනිදා සිටයි.

එමෙන්ම තාවකාලික උපාධි වීසා මත රටේ රැඳීසිටින උපාධිධාරීන්ට නැවත වරක් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව ද ඉන් අහිමි වනවා.

එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 2023 වසරේ ජූලි පළමුවනදා සිට මේ වසරේ ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ පමණක් සංචාරක වීසා මත පැමිණ ශිෂ්‍ය වීසා අයදුම් කළ පිරිස 36,000 ඉක්මවන බව සඳහන්.

බලධාරීන්ට අනුව ඔස්ට්‍රේලියාවේ රැඳීසිටින තාවකාලික උපාධි වීසා හිමියන්, අඛණ්ඩව දෙවැනි වරටත් ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ප්‍රවණතාව 2022/23 වසරවල සියයට 30කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙමගින් රටේ ශිෂ්‍ය වීසා ක්‍රියාවලිය අවතක්සේරු කෙරෙන බවත්, උසස් අධ්‍යාපනය ලැබීමේ සැබෑ පරමාර්ථයෙන් රටට පැමිණෙන සිසුන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔස්ට්‍රේලියානු රජය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට තුළ රැඳී සිටින කාලය දීර්ඝ කරගැනීමේ අවශ්‍යතාව මත පමණක් ලාභදායී පාඨමාලා හදාරමින් සිටින පිරිස රටෙන් බැහැරකිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

උපාධිධාරීන් සිය කුසලතාවට සරිලන රැකියාවක් සොයාගෙන, ඒ යටතේ ස්ථිර නේවාසික වීසා ලබාගත යුතු බවද මෙමගින් අවධාරණය කෙ‍රෙන අතර නැත්නම් ඔවුන් වහාම රටින් පිටව යායුතු බව ඔස්ට්‍රේලියානු රජයේ මතය වනවා.

එමෙන්ම තාවකාලික උපාධි වීසා යටතේ උපාධියෙන් පසුව රැකියාවක් කිරීමට ලබාදෙන කාලය අවම කිරීමටත්, අයදුම් කළ හැකි වයස් සීමාව වයස අවුරුදු 50 සිට 35 දක්වා පහත දැමීමත්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම ඉහළ දැමීමටත් රජය මීට පෙර කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...