26 C
Colombo
Sunday, March 16, 2025

උද්දිකගේ රථයට වෙඩි තියපු පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

- Advertisement -

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම මහතා භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙනවා.

අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙහිදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම වෙඩිතැබීම උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරයා යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව ඔවුන් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන් ද යන්නයි.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊට ප‍්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...