30 C
Colombo
Friday, December 27, 2024

වනිඳුගෙන් දැඩි තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, වනිඳු හසරංග ඉල්ලා අස්වීමෙන් හිස්වන විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද මේ වන විට එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන කුසල් මෙන්ඩිස් හට ලබා දීමට නියමිත බව සඳහන්.

එළඹෙන, ජූලි මාසයේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා අදාළ වෙනස්කම සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද  සිය තනතුරේ තවදුරටත් රැඳී නොසිටිනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි මූලික වටයෙන්ම ඉවත් වීමත් සමඟ ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොවනු ඇති බව සඳහන්.

එමෙන්ම අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද  ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධාන වගකීම සනත් ජයසූරිය වෙත පැවැරෙනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වුවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෙහෙළියගේ දේපළ හා බැංකු ගිණුම් අත්හිටුවන බවට නිවේදනයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කොට තිබෙනවා. එම දැන්වීමට අනුව, අල්ලස්...

අනුරගෙන් පුටින්ට ලිපියක්

BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව...

POPULAR ARTICLES

රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වුවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෙහෙළියගේ දේපළ හා බැංකු ගිණුම් අත්හිටුවන බවට නිවේදනයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කොට තිබෙනවා. එම දැන්වීමට අනුව, අල්ලස්...

පුංචි ඡන්දේ ගැන මනෝ සහ දිගම්බරම් තීරණයක් අරන්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි...