26.8 C
Colombo
Sunday, April 6, 2025

ගෙවල් කුළී බද්ද ගැන ජනාධිපති කියන්නේ බොරු – හර්ෂ

- Advertisement -

නව කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අසත්‍යක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මේ වන විට නිවේදනය කර ඇත්තේ පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පැවසූ බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගත් එකඟතා ගිවිසුමට අනුව පළමු දේපළටද බද්ද අදාළ වන බව එහි සදහන් වන බව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමෙහි සදහන් කිසිදු වගන්තියක් වෙනස් කළ නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එහි සදහන් වගන්ති වෙනස් කරන බව සදහන් කිරීමෙන් අවබෝධ වන්නේ මෙතෙක් කල් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සත්‍ය නොවන බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES