හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බදුවලින් නිදහස් කරන බවයි.
එමෙන්ම සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම බද්ද අය නොකරන බවත් එය ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා සහතිකයක් ලබාදුන්නා.