27 C
Colombo
Wednesday, January 15, 2025

යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්

- Advertisement -

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවද ඔහු පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර, කැසිනෝ ශාලාවලින් නියමිත අයුරින් බදු මුදල අය කරගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බව අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කරගැනීමට රජය සමත්වී ඇති බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙනවා.

ඔහු සඳහන් කරන්නේ, මීට පෙර කැසිනෝ ශාලාවලින් අයකර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බවත්, මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අය කරන බවයි.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සේම ඇතැම් ව්‍යාපාර අධෛර්යමත් කිරීමත් බදු අය කරගැනීමේ අපේක්ෂාවන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

POPULAR ARTICLES