31 C
Colombo
Saturday, October 5, 2024

කෙහෙළිය​ගේ වාහන ගැ​න අල්ලස් කොමිසමෙන් විමර්ශ​න

- Advertisement -

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ V 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ අති නවීන සුඛෝපභෝගී නිල රථ දෙක අව භාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කිහිපය​ක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත බාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල ර​ථ ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුපෝඛභෝ​ගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන බාර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 03 දින සිට අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වුවද එම සුඛෝපභෝගී මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළි වුණා.

ඒ අනුව එම නිල රථ දෙක මෙතෙක් බාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළිය මහතා​ගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට භාරදී ඇති බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ඉකුත් මස 25 වැනි දින ලිඛිතව දන්වා ඇති බවත් අනාවරණය වුණා.

Related:

RECENT ARTICLES - SINHALA

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

පිටකොටුවේ පුද්ගල ඝාතනයක්

කොළඹ රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වයසැති මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ, අද...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...