2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ජූලි මස 10 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත්‍ර කැඳවීම සිදු කළ හැකි අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හා ජංගම දුරකථන යෙදවුමෙන්, මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගැනිමේ හැකියාව පවතින බව අමිත් ජයසුන්දර මහතා තවදුරටත් සඳහන් කර සිටියා.