30 C
Colombo
Sunday, October 6, 2024

පියුමි හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන ඇරඹේ

- Advertisement -

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවයි.

ඒ අනුව, ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරුවී තිබෙනවා.

පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50ක් බැර කර තිබූ අතර, පසුව රුපියල් මිලියන 87ක මුදලක් ගෙවා තිබෙනවා.

ඒ අනුව, ඉකුත් අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමඟ එකගතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

එම ගිවිසුමට අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5ක්, 2023 මැයි මාසයේදී දෙවතාවකට මිලියන 143ක් වශයෙන් ගෙවා දැමීමට එකගවී තිබුණා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ, ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණද ඇය සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ බවත්, මේවන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කර නොමැති බවයි.

තවද, පියුමි හංසමාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන්ද මේවන විට වාර්තා ලබාගෙන ඇති අතර, බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....