ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා.
Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක් පමණ සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Dark Mofo යනු Tasmania හි Hobart හි පැරණි සහ නව කලා කෞතුකාගාරය වන MONA විසින් 2013දී ආරම්භ කළ වාර්ෂික ශීත කලා හා සංස්කෘතික උත්සවයක් බව සඳහන්.
උදෑසන 7.42ට පමණ බෙර වාදනය කිරීමෙන් අනතුරුව Derwent නදිය අසලට රැස් වුණු මෙම පිහිනුම්කරුවන් අධික සීතල මධ්‍යයේ නිර්භීත අයුරින් තරඟය ආරම්හ කර තිබුණා.
එම අවස්ථාවෙදී Derwent නදියේ ජලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් පමණ වන අතර ගං දියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් පමණ වී ඇති බව සඳහන් වෙනවා.
පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිට වන ලද අරමුදලක් වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් මෙම ඉසව්ව සංවිධානය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.