නිවිතිගල පොලිස් වසමේ පාතකඩ ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දික්ඕවිට වත්ත, පාතකඩ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.