29.1 C
Colombo
Sunday, March 30, 2025

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරන සැලැස්ම යටතේ අලුත් ආයතනයක්

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම යටතේ රජයට අයත් වෙනම ආයතනයක් පිහිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරනවා.

සිය X ගිණුමෙහි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් මෙම ආයතනය පිහිටුවන බවයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (25) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පවත්වා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

POPULAR ARTICLES

කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වළකන්න වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන්ට වන හිංසන වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි...

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක්

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම්...

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...