දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැත්වෙන 102 වැනි ජාතික මළල ක්රීඩා තරගාවලියේදී මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට අරුණ දර්ශන සහ නදීෂා රාමණායක සමත් වී තිබෙනවා.
එහිදී අරුණ දර්ශන තත්පර 45යි දශම 5යි එකකින් ඉසව්ව නිමා කළ අතර නදීෂා රාමණායක තත්පර 53යි දශම 3යි 7කින් තරගය නිමා කළා.
මීටර් 400 පිරිමි රීදි පදක්කම කාලිංග කුමාරගේට හිමි වූ අතර දිනුක දේශාන් එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.
මීටර් 400 කාන්තා ඉසව්වේ රීදි පදක්කම සයුමි ලක්ෂිකා දිනාගත් අතර එහි ලෝකඩ පදක්කම හිමි වූයේ නිශේන්ද්රා ප්රනාන්දුටයි.