වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරඟවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් වන ෆ්රෑන්ක් ඩක්වර්ත් මියගොස් තිබෙනවා.
ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.
ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය 1997 දී පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළා.
කෙසේවෙතත් එය 2001 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරනු ලැබූවා.