ශ්‍රී ලංකාව, ද්වි පාර්ශවික නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ මීට ටික සුළු මොහොතට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඔුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායි ණය සහනයක් ලබාදීමට නියමිතයි.