25 C
Colombo
Thursday, July 4, 2024

සාගලගේ වාහනයේ ගැටුණු ලොරියේ සිටි ගර්භණී කාන්තාවගේ කකුල කැඩිලා

- Advertisement -

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ ගර්භණී බිරිඳ ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු මේ වාහන පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසල ප්‍රදේශයෙන් ගමන් කර තිබුණා.

එහිදී මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදු වූ ප්‍රභූ රථ පෙළේ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබෙන බවට පැවසෙනවා.

මෙම සිදුවිම ඇසින් දුටු පිරිස පවසන්නේ එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බවයි.

අනතුර සිදු වු වාහනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ රථයක් බවට වාර්තා වනවා.

අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරාගේ පාදයක් අස්ථි බිදිමකට ලක්ව තිබෙන අතර ඔහුගේ හිසට ද හානි සිදු වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාවගේ පාදයට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන බවට පැවසෙනවා.

ලොරි රථයේ පිටුපස ගමන් ගත් පස්දෙනෙකු අතරින් එක් කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වනවා.

ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට මුදාහැර තිබෙනවා.

තවද බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදාහැර ඇති අතර, දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිටකිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කඩිමුඩියේ කරන ගනුදෙනුවලට මම විරුද්ධයි-නාමල්

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු...

රුක්ෂාන් බෙල්ලනත් රනිල් ලගට

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03) පැවැත්වුණා. මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන...

සුදුවෙන ක්‍රීම්වලින් වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක්

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ...

POPULAR ARTICLES

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.37ක් ලෙස...