26 C
Colombo
Thursday, July 4, 2024

අලුතෙන් ඡන්දෙ දෙන්න ලක්ෂ 10ක්

- Advertisement -

ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අලුතෙන් ඡන්ද දායකයන් දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක්වනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිවයින’ වාර්තා කරනවා.

2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක් බව සඳහන්.

එමෙන්ම, 2023 ඡන්ද නාමලේඛණයේ ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂ හැටතුන් දහස් තුන්සිය තිස්හතරක්.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙනුයේ 2024 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන නිසා තවදුරටත් නව ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2024 නව ඡන්ද හිමි නාම ලේඛනය ඉදිරි සති දෙක ඇතුළත සහතික කර ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි ගාණක මුදල් වංචා කළැයි උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක්...

Breaking: ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දිනයක්

ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල කාලය...

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිෙබනවා. ඊයේ (03) දහවල්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...