26 C
Colombo
Thursday, July 4, 2024

පොහොට්ටුවේ අපේ බලාපොරොත්තුව රනිල් දිනන එක – කංචන

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීම බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එක්ව ජයගමු – අපි මාතර ජන රැළියට අද (30) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පක්ෂයේ සියලු දෙනා සහය දක්වන බව කංචන විජේසේකර මහතා මෙහිදී පවසා සිටියා.

මෙම ජන රැළිය සදහා ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, අලි සබ්රි සහ කාංචන විජේසේකර යන ආමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ඉදිරි කාලය සදහා ද රට භාර ගත යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කෝටි ගාණක මුදල් වංචා කළැයි උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක්...

Breaking: ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දිනයක්

ව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල කාලය...

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිෙබනවා. ඊයේ (03) දහවල්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්...