29 C
Colombo
Saturday, July 6, 2024

කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

- Advertisement -

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (02) දින තෙක් කල් තැබුණා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම අද (01) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මතභේදයට තුඩුදී තිබෙන අදාළ ප්‍රතිදේහ එන්නත් ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අමාත්‍යාංශය සන්තකයේ තිබියදී එම ඖෂධවල හිඟයක් පවතින බවට නොමග යවන ආකාරයේ තොරතුරු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.



RECENT ARTICLES - SINHALA

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක...

දයාසිරි පොලීසි ගිහින්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට බාධා කිරීම  සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...