29 C
Colombo
Saturday, July 6, 2024

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

- Advertisement -

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් යොමුකරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසන්නේ, මෙම රියදුරුගේ නොමන ක්‍රියා කලාපය හේතුවෙන් මේ වනවිට ඔහුගේ වැඩ තහනම් කර තිබෙන බවයි.

කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (30) පෙරවරුවේ මහනුවර බලා ධාවනය වූ 1019 නැමැති දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර දුම්රිය රැගෙන ගොස් මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී දුම්රිය නවතා පළායෑමට උත්සාහ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ මගීන් මොහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන, දුම්රිය ආරක්ෂක අංශය වෙත භාරදීමට කටයුතු කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශයේ වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ...

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...