30 C
Colombo
Sunday, July 7, 2024

බෝම්බයක් ඇති බවට ව්‍යාජ තොරතුරු දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බෝම්බ බිය හේතුවෙන් අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබුණා.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර, ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළද බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව නොතිබූ බවයි වාතා වන්නේ.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිදරව්වක්

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා...

ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදාහැරීමට පොලිසියෙන් බාධා

'ජන අරගල සන්ධානය - ජනතාව අතරට' යන තේමාව යටතේ ඊයේ (06) මහනුවරින් ආරම්භ වූ පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනේ දෙවැනි දිනය අද (ජුලි 7) මොරටුව නගරයෙන්...

අල්ටෙයාර් සිද්ධියට අදාළ විමර්ශනවලට තානාපති බලතල හරස් වෙයිද?

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තවමත්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...