29 C
Colombo
Sunday, July 7, 2024

ඡන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 “ඒ” වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බවයි.

මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාලසීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වාදෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් හා චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇති බවයි.

2313/32 දරණ ගැසට් පත්‍රය සහ 2023 ජනවාරි මස 05 වන දින නිකුත් කළ අංක 20 දරණ චක්‍රලේඛය ඒ අනුව තවදුරටත් බලාත්මකව පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මෙම කාලසීමාව තුළදී මැතිවරණ නීති කඩවන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධිවිධාන සහ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කරන ලෙසද සියලු පාර්ශයයන්ගෙන් එම කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

සුදු වෙන ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

රාජ්‍ය සේවකයින් 2.9% කින් අඩු වෙලා

රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා...

හෙට – අනිද්දා වර්ජනය ගැන හෙද සංගමයෙන් තීරණයක්

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා. එහි...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...