30 C
Colombo
Monday, July 8, 2024

සාගරගෙන් අමුතු කතාවක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වන බවයි කාරියවසම් මහතා එහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වන්නේ පක්ෂයේ අපේක්ෂකයෙන් ඉදිරිපත් කිරීම බව ඔහු පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මට්ටමේ පුද්ගලයින් ගැලවී ගියද ඊට පහළ කිසිවෙක් ඔවුන් සමඟ නොයන අතර ඩලස් අලහප්පෙරුම මහතා කණ්ඩායමට වූ දෙයින් එය සිතා ගත හැකි බවත් මහින්ද චින්තනයට ගරු කර ඒ සමඟ එක්ව සිටින ජනතාව කිසිවිටෙකත් එය හැර දමා නොයන බවට විශ්වාසයක් ඇති බවත් කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුප ගැන රජයෙන් තීරණයක්

වර්ජනයේ නිරත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත්...

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ටිකට් පත්

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය...

උතුරේ වෛද්‍යවරු වර්ජනයක

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...