30 C
Colombo
Monday, July 8, 2024

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ දෙකකින් නියෝග

- Advertisement -

නාමල් කරුණාරත්න මහතා ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (03) දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරකිමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරුණා.

ඒ අනුව නාමල් කරුණාරත්න, ටි.බි සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සොසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරකිමේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම්, කිරි ගොවින් සුරකිමේ මධ්‍යස්ථානය ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ සභාපති, ස්වාධින සේවක සංගමයේ සභාපති සහ සමගි සේවක සංගමයේ සභාපති යන පිරිසට මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන්ට කොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ටෙලිකොම් හංදියේ සිට සෙරමික් හංදිය දක්වා ද, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වා මාර්ගයද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු වටරවුම ද අවහිර නොකරන ලෙසට දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර, මුදල් අමාතයංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට සංදේශ භාරදීම හා සාකච්ඡා පැවැත්වීමට ඉතා සුළු කණ්ඩායමකට වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නිත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත පමණක් ඇතුළුවීමට බාධාවක් නොවන බව ද අදාළ අධිකරණ නියෝගයේ දැක්වේ.

පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසටත් නියෝග කරමින් විරෝධතාවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ මුලික අයිතිවාසිකමට අධිකරණ නියෝගයෙන් කිසිදු බාධාවක් නොවන බව ද අධිකරණය දැනුම්දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ක්ෂේත්‍ර 14කට අලුතින් බද්දක්

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙක් ගෙදර යවලා

නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ‘ලංකාදීප’ වාර්තා කළේ උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ...

කෙහෙළියගේ ගෙදර කුලිය පඩියෙන් කපාගන්න කියලා

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවාස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා ඇති බව 'ලංකාදීප'...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...