ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් එය භාර ගැනීම සඳහා සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් පවසනවා
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් ධම්මරතන නාහිමියන් මේ බව සඳහන් කළා.
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සූදානම් බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවත් උන්වහන්සේ මෙහිදී පවසා තිබෙනවා.
ධම්මරතන නාහිමියන් තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන අතර එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවයි.
පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බවත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කර තිබෙනවා.