31 C
Colombo
Sunday, October 6, 2024

පක්ෂ සභාපති හැටියට නිමල් සිරිපාලව පිළිගන්නේ නැහැ – දයාසිරි

- Advertisement -

ආරුඪ කරගත් තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ, ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් සිරිපාල පිළිනොගන්නා බවත්, එම කාරණය මේ වන විට අධිකරණයේ පවතින එකක් බවයි.

එසේ තිබියදී මෙවැනි කටයුතු කරන නිමල් සිරිපාලගේ නීතියෙ දැනුම ගැන පුදුම නොවන බව ද ඔහු පැවසුවා.

එබැවින් පක්ෂයේ සභාපතිවරයෙක් නොමැතිව දේශපාලන මණ්ඩලය රැස් කිරීමට නොහැකි බවත්, රැස්වන්නේ නම් දේශපාලන මණ්ඩලයේ 15 දෙනෙකු සිටිය යුතු බවත් දයාසිරි ජයසේකර කියා සිටියා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ, තමන්ව පක්ෂයේ ලේකම් හැටියට අධිකරණය තීන්දු කරලා තිබෙන අතර තනතුරු ගැටළුව විසඳන්නේ අධිකරණයෙන් බවයි .

RECENT ARTICLES - SINHALA

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

අර්තාපල් සහ ළූණු සඳහා වන ආනයනික බද්ද ඉහළට

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....