28 C
Colombo
Saturday, October 5, 2024

කිරි සිරවු බිළිදා රෝහලෙන් භාර නොගත් නිසා මිය ගිහින්

- Advertisement -

මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන අතරතුර බිළිඳා මියයෑමේ සිදුවිමක් වාර්තා වනවා.

මාතර දිස්ත්‍රික් නව රෝහලට රැගෙන ආ බිළිඳාව එලෙස භාරගෙන නොතිබුණු බවට වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි ඔසඳ ආකිෂ් නමැති මාස 2යි දින 27ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිඳායි.

ඊයේ (03) අලුයම් කාලයේදී මෙම දරුවාට කිරි ලබාදී ඇති අතර එහිදී කිරි සිරවු නිසා දෙමව්පියන් විසින් ත්‍රීරෝද රථයකින් බිළිඳාව වහාම මාතර කොටවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

මව්පියන් පවසන පරිදි, රෝගියා භාර ගැනීමට නොහැකි බවත් ඒ මොහොතේ හදිසි ප‍්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත් එහිදී ආරක්ෂක නිලධාරීන් පවසා තිබෙනවා.

පසුව ගිලන් රථයකින් හෝ වෙනත් රෝහලක් වෙත දරුවා රැගෙන යාම සඳහා රෝහලට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස දෙමව්පියන් පවසා ඇති අතර එයද රෝහල් ආරක්ෂක අංශය වළක්වා තිබෙන බවට පැවසෙනවා.

පසුව ඔවුන් කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවා මාතර මහ රෝහල වෙත බිළිඳා රැගෙන ගොස් තිබු නමුත් ඒ වනවිට බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

වෛද්‍යවරුන් පවසා තිබුණේ විනාඩි 30ට පමණ පෙර රැගෙන ආවේ නම් බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට තිබූ බවයි.

බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස මාතර පොදු සුසාන භූමියේදී සිදුකර තිබුණා.

මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වී ඇත්තේ මෙය කිරි සිරවීමෙන් සිදුවු මරණයක් බවයි.

එම රෝහලේ උපත ලැබූ දරුවකු අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම මාතර දිස්ත්‍රික් නව රෝහල පිළිබඳව පසුගිය මසද දැඩි කතාබහට ලක්වුණා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...