28.1 C
Colombo
Monday, October 7, 2024

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

- Advertisement -

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ තුළ මේ රටේ වංචාව සහ දූෂණය අවම කරන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කරන බවත්, ‘හොරු අල්ලනවා හොරු අල්ලනවා’ යැයි පවසන සටන් පාඨය තවත් වසර 30 ක් දේශපාලන වේදිකාවට ගෙනඒමට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කරනවා.

ඔහු සඳහන් කළේ, මැතිවරණ වේදිකාවේදී ලබාදෙන පොරොන්දු නොව මහ පොලොවේ යථාර්ථයක් කළහැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකි එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

දේශපාලන බලවේගයක් ලෙස අපි මේ රටේ ජනතාව වෙනුවෙන් හැමදාම හරි තීන්දුව ගත්තා. ඇතැම්විට ඒ තීන්දුව අභියෝගාත්මක තීන්දුවක් වෙන්න පුළුවන්. නමුත් අපි හරි දේ කළා. එක් පැත්තකින් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව රටේ බොහෝ දේශපාලන නායකයෝ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට පමණක් සීමා කළා. සාමය නොයෙක් ආකාරයෙන් අර්ථ දැක්වුවා. ඇතැමුන් ගිවිසුම් ගැසුවා. තවත් සමහර අය යුද්ධ කරන්න උත්සාහ කළා. තවත් පිරිසක් ආයුධ දීලා හෝ මේක සමබරතාවයෙන් ඉස්සරහට යන්න උත්සාහ කළා. වසර 30 ක් යුද්ධය අවසන් කරනවා සාමය ගේනවා කියලා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා වසර 30 ක් සාමය කියන එක දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් වෙච්ච එක යථාර්ථයක් බවට පත්කරන්න අවුරුදු තුනකින් කටයුතු කළා.

2015 වසරේ දී අපේ ගෙවල්වලට ආවා. අපිව හිරේ දැම්මා. ලෝකෙ වටේ සවාරි ගියා අපිට විදේශ බැංකු ගිණුම් තිබෙනවා ද කියා සොයා බලන්න. නමුත් පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී කියනවා රාජපක්ෂවරු විසින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ කිසිඳු ගිණුමක් වත්කමක් තිබෙන බවට ලෝකයේ කිසිඳු රටකින් සනාථ වුණේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා මම මොනවා කරන්නද මම නඩු දැම්මා රාජපක්ෂවරු නිදහස් වුණා කියලා.

අපි අවංකව රටට වැඩ කළා. ඒ නිසා අපි ජනතාව අතරට එන්න බය නැහැ. අපි එදත් කිවුවා බොරුවට හොරා හොරා කියා චෝදනා නොකර යමක් තිබෙනවා නම් පැහැදිලිව ප්‍රකාශ කරන්න කියා. පරීක්ෂණයක් කරන්න කිවුවා. යුද්ධය අවුරුදු 30 ක් වවාගෙන කෑවා වගේ මේ සියල්ල දේශපාලන වේදිකාවේ දී කිවුවා. වර්තමානයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙනවා තවත් අවුරුදු 30 ක් ඒ සටන් පාඨ වවාගෙන කන්න. මේ රටේ වංචාව සහ දූෂණය අවම කරන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කරනවා වගේම තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා”

RECENT ARTICLES - SINHALA

පොලිස් කොස්තාපල්වරයෙකුගේ සිරුරක් වගුරුබිමකින් හමුවෙලා

ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරුබිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙක්. ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල...

පන්දුවක් රැකීමට ගොස් මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද

උඩ පන්දුවක් රැකිමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදි සිදු කරන බව ඥාතින් පවසනවා. නුවරඑළිය කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණයෙන් නියෝගයක්

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...