30 C
Colombo
Sunday, October 6, 2024

“ජයිකා” ගනුදෙනුව ගැන පිළිතුරු බදින්න නීතිඥ සංගම් සභාපති විමර්ශන කමිටුවට

- Advertisement -

දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා ජපානයේ “ජයිකා” ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2 1/2කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුව හමුවට අද (05) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍යය නවරත්න මහතා කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල ජනාධිපති නීතිඥ කමිටුව නීතිඥ සංගම් මුලස්ථානයේදී අද පස්වරු 3.00ට රැස්වීමට නියමිතයි.

නීතිඥ සංගමය තුළ දැඩි මතභේදයකට තුඩුදුන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම සංගමයේ (Bar council) කේ. කනගීෂ්වරන්, ෆයිස් මුස්තාෆා, ඉක්‍රම් මොහොමඩ්, රියන්සි අර්සකුලරත්න සහ ජෙෆ්රි අලගරත්නම් යන ජනාධිපති නීතිඥයින්ගෙන් සමන්විත කමිටුව පත්කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර මාස 02ක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි Bar council ය පංච පුද්ගල කමිටුවට නියම කර ඇත්තේ.

අදාළ ගනුදෙනුවේදී විනිවිධභාවයෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍යය නවරත්න මහතාට දැඩි ලෙස චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් පංච පුද්ගල කමිටුවේ විමර්ශන අවසන් වනතුරු නීතිඥ සංගමයේ සභාපති ධුරයේ රාජකාරිවලින් තාවකාලිකව ඉවත්වීමටද ඔහු මේ වන විට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....