30 C
Colombo
Sunday, October 6, 2024

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

- Advertisement -

පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් කර මෝටර් රථයකින් පළාගිය පුද්ගලයෙකුට මෙලෙස අතුරුගිරිය පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර, ඔහු රෝහල්ගතවීමට යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්‍රියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් පිළියන්දල ප්‍රදේශයට ගොස් ය්හිබුණා.

පොලීසිය පැවසවේ, එහිදී මත්ද්‍රව්‍ය රැගෙන මෝටර් රථයක පැමිණි බවට තොරතුරක් ලැබුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථය හප්පා එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ කර තිබූ බවයි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලංකාවට

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

බාල සහොයුරා සමඟ ආරවුලක් ඇති ගැනීම හේතුවෙන් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ ඝාතනය...

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....