30 C
Colombo
Sunday, October 6, 2024

මාදම්පේ බස් අනතුරින් මියගිය ගණන ඉහළට

- Advertisement -

මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04)දා උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.

මෙම අනතුරින් ළංගම බස් රථයේ රියදුරු තරින්ද චන්දික අනුර බණ්ඩාර යන අය මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි පහළ කොට්රාමුල්ල බදුවත්ත ප්‍රදේශයේ පදිංචි එච්.පී.සුරංග ප්‍රියන්ත නමැති දෙදරු පියෙක්ද ඊයේ (04) සවස මියගොස් තිබෙනවා.

අනතුරට පත් ළඟම බස් රථයේ ගමන් කරමින් සිටි පම්බල කාක්කපල්ලියේ පදිංචි චන්ද්‍රා විජේරත්න නමැති හැත්තෑ හැවරිදි කාන්තාවක්ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(05) අලුයම මියගිය බව මාදම්පේ පොලිසිය පවසනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් රෝගීන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා.

බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් අතරින් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරියක්ද ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....