30 C
Colombo
Sunday, October 6, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

- Advertisement -

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්.

එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද එක්වී සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ස්වෛරී බැඳුම්කරවලින් ගත්ත විශාල ණය ප්‍රමාණයක් තියෙනවා බිලියන 14ක් පමණ. එකෙන් 12.5ක ණය ලබා දීපු අයත් එක්ක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. අපිට පුළුවන් වුණා යම්කිසි ආකාරයක අපි දෙගොල්ලන්ට එකඟ විය හැකි ස්ථානයකට ඇවිල්ලා… ඒ ප්‍රකාශය තමා අපි ඊයේ නිකුත් කළේ. හැකි ඉක්මනින් ඒ OCC වාර්තා සහ IMF එකේ විනිශ්චය ලබා දුන්නට පස්සේ ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරාම සම්පූර්ණයෙන් දීර්ඝ කාලීනව ඊළඟ අවුරුදු 10 ක් 20ක් කාලය තුළ ණය තිරසර භාවය සාක්ෂාත් වෙනවා.”

RECENT ARTICLES - SINHALA

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

බාල සහොයුරා සමඟ ආරවුලක් ඇති ගැනීම හේතුවෙන් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ ඝාතනය...

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....