30 C
Colombo
Sunday, October 6, 2024

සාගලගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

- Advertisement -

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි පුද්ගලයෙක්.

කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි.අයි.පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....