31 C
Colombo
Saturday, October 5, 2024

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

- Advertisement -

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ ඊයේ (05) පැවති ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවි සමුළුවට එක්වෙමින්.

ලංකාවේ දේශපාලන බලය පවුල් කිහිපයක් මත කේන්ද්‍රගත වී ඇති බවත් එවැනි දූෂිත ප්‍රභූ කණ්ඩායම් අතර මාරුවෙන් මාරුවට මෙම බලය හුවමාරු වී ඇති බවත් අනුර කුමාර දිසානයක මහතා මෙහිදී සඳහන් කළා.

ඔහු මෙහිදී තවදුරටත් පවසා සිටියේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පළමුව අවධානය යොමු කරන්නේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා බවයි.

ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය , ජනතාවත් ජන ජීවිතයත් උසස් කිරීම සඳහා නිර්මාණය වූවක් බව  අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම, ඔහු තවදුරටත් පවසා සිටියේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන අතර ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සවීමත් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“ ඡන්ද බලය ලැබුන කියලා අපේ  රටේ ලේ උරුමයෙන් එන ගමන නතර වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසගේ පුතා නොවෙන්න නිකවැරටිය ප්‍රාදේශීය සභාවටවත් හරියන්නෙ නැහැ. එයාට ජනාධිපති අපේක්ශකයෙක් වෙන්න එකම සුදුසුකම තාත්ත ජනාධිපති වීම. නාමල් රාජපක්ෂ, ඊට හපන් එකම සුදුසුකම තාත්ත ජනාධිපති වීම.”

 “අද ජනතාවගේ අපේක්ෂාව තමයි වෙනසක් ඕන කියන එක. මේ වෙනස වෙනුවෙන් ඉන්න එක් කෙනෙක් සජිත් ප්‍රේමදාස. එයා ගන කියන්නෙ එයාගෙ පක්ෂ සභාපති ෆොන්සේකා මහත්මයා. ෆොන්සේකාට තමයි සජිත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ හොරු අල්ලන්න භාර දෙන්නෙ කියල සජිත් කිව්වා. ෆොන්සේකා ආණ්ඩුව ගන්න කලින් හොරෙක් ඇල්ලුව, සජිත්ව.. ඒ නිසා ඒ ගැන කියල වැඩක් නෑ. පාසල්වලට ගිහිල්ල 5 පන්තියේ ළමයි එකතු කරගෙන හැමෝම දන්නවා හරයක් නැති බරක් නැති ඔහේ කියවන කෙනෙක් කියලා. මේ වැරදීම් නෙවෙයි.එයාගෙ හැටි.”

RECENT ARTICLES - SINHALA

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

මෙරට පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...