31 C
Colombo
Saturday, October 5, 2024

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

- Advertisement -

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සිසුවාව බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. එමී. චන්ද්‍රසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු සම්බන්ධයෙන් කායික, මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙසත් සැකකරු DNA පරීක්ෂණකට යොමු කරන ලෙසත් නියෝග කර ඇති බව සඳහන්.

බලන්ගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමී.එල්. සිරියාවති  නැමති කාන්තාව ඉකුත් 27 වනදා දිය නැමට දොරවෙල ඔයට ගොස් ඇති අතර පසුව ඇයගේ සිරුර දොරවෙල ඔයේ තිබී සොයා ගැනුණා.

බලන්ගොඩ මූලික රෝහලේදී සිදු කළ මරණ පරීක්ෂණයේදී මතුවූ සැකය මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදීම ලිංගික අපයෝජනයට ලක් කර ගෙල සහ මුඛය  සිර කර ඝාතනය සිදුකර ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

තම මව ඔයේ දිය නෑමට ගොස් සිටින අතරතුර සැකකාර තරුණයා එතැනට පැමිණ ඇති බව සිද්ධියට මුහුණ දුන් කාන්තාවගේ පුත්‍රයා සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking : සුරේෂ් සලේ ඉවතට

0
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ ඒ වෙනුවට...

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...