25 C
Colombo
Sunday, October 6, 2024

ජයසූරියට ක්‍රිකට්වල ලොකු තනතුරක්

- Advertisement -

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා ස්ථිර පුහුණුකරුවෙකු පත්කරගන්නා තෙක් වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි වසරක පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශක ලෙස ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ පත්කර ගනු ලැබුවා.

ජයසූරිය මෙවර විස්සයි20 ලෝක කුසලානයට උපදේශකයකු ලෙසද කණ්ඩායමට එක්වී සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇත්තේ, ජයසූරිය අන්තර්වාර පුහුණුකරු ලෙස කණ්ඩායම සමග එක්වන නමුත් ආයතනය අඛණ්ඩව පූර්ණකාලීන පුහුණුකරුවකු වෙනුවෙන් දිගටම කටයුතු කරන බවයි.

එංගලන්ත තරගාවලිය දක්වා කොන්ත්‍රාත්තුව දීර්ඝ කළ සිල්වර්වුඩ් 2024 T20 ලෝක කුසලානයෙන් පසුව පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කළේ පසුගිය 27 වැනිදායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජයසූරියට පවරා ඇති ප්‍රධාන පැවරුම වන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ තුන බැගින් වූ ඉන්දීය සීමිත ඕවර සහ T20 තරගාවලියයි.

ඉන් අනතුරුව එංගලන්තය සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...