25 C
Colombo
Sunday, October 6, 2024

ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදාහැරීමට පොලිසියෙන් බාධා

- Advertisement -

‘ජන අරගල සන්ධානය – ජනතාව අතරට’ යන තේමාව යටතේ ඊයේ (06) මහනුවරින් ආරම්භ වූ පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනේ දෙවැනි දිනය අද (ජුලි 7) මොරටුව නගරයෙන් ආරම්භ කළ අතර එහිදී පොලිසිය විසින් ඊට බාධා එල්ල කර තිබෙනවා.

ඒ, ජනතාවට බාධාකාරී වන බවත්, පාගමනක් සඳහා පොලිස් අවසර ගෙන නොමැති බවත් කියමින්.

මෙම අවස්ථාවේදී ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ, දුමින්ද නාගමුව, නීතීඥ ස්වස්තිකා අරුලිංගම් යන අය ඉදිරිපත් වී මෙය ‘පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුම්වත් කිරීමක්’ පමණක් වන බවත්, ඊයේ දිනයේ මහනුවර, මාවනැල්ල, කෑගල්ල, නිට්ටඹුව යන නගර වලදී ඊට පොලිස් බාධා නොපැමුණුනු බවත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් බාධා කිරීම් හමුවේ, කුඩා ප්‍රමාණයේ හෝ ශබ්ද විකාශන ක්‍රමයක් භාවිතා කිරීමකින් තොරව, ජන අරගල සන්ධානය මොරටුවේ ජනතාව අතරට යමින් පත්‍රිකා බෙදීම හා දැනුම්වත් කිරීම සිදු කරනු ලැබුවා.

ඊයේ දිනයේ සාර්ථක ලෙස අවසන් වූ ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදීමේ කටයුතු සඳහා විශාල ජන ප්‍රසාදයක් ලැබුණු අතර, ඒ සම්බන්ධයෙන් අසතුටු වන ආණ්ඩුවේ ඉහළ අත පෙවීම් මත අද දින ඊට පොලිස් බාධා කිරීම් සිදුවන බව පෙනී යන බව එම සන්ධානයේ ප්‍රකාශිකාවක වන සුරේඛා සමරසේන පවසනවා.

ඇය වැඩදුරටත් ප්‍රකාශ කළේ, මේ දින වල මහා වේදිකා ඉදිකරමින්, ශබ්ද විකාශන ක්‍රම භාවිතා කරමින් කරගෙන යනු ලබන දැවැන්ත දේශපාලන රැස්වීම්වලට නැති පොලිස් බාධා ජන අරගල සන්ධානයට ලැබෙමින් තිබීම විමතියට කරුණක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...