25 C
Colombo
Sunday, October 6, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිදරව්වක්

- Advertisement -

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි.

එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ අනුව, සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවයි.

කෙසේවෙතත්, ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර ඇති අදාළ පෙත්සම හෙට (08) දිනයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ, එහිදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යම් වාරණ නියෝගයක් ප්‍රකාශයට පත් වුවහොත් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...