25 C
Colombo
Sunday, October 6, 2024

උසස් පෙළ සමත් සිසුන්ට සුබ ආරංචියක්

- Advertisement -

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000/-ක (ලක්ෂ අටක) උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දීමට නියමිතයි.

මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට මෙමගින් පොලී රහිත ණය මුදල් සපයා තිබෙනවා.

ඒ අනුව පළමු, දෙවන හා තෙවන අදියරයන්හි ශිෂ්‍ය කණ්ඩායම්වල සිසු සිසුවියන් 2353ක සංඛ්‍යාවක් සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කර ඇති අතර තුන් වන කණ්ඩායමේ ගෞරව උපාධි අපේක්ෂකයෝ සිය උපාධි පාඨමාලා හදාරා නිම කරමින් පසු වනවා.

එසේ ම හතර වන, පස් වන හා හය වන අදියරවල සිසුන් 10,258ක් වෙනුවෙන් ණය මුදල් ගෙවීම සිදු වෙමින් පවතින අතර හත් වන අදියර යටතේ සිසු සිසුවියන් 3,682කට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 91ක් බාධාවකින් තොර ව හැදෑරීමට මෙමගින් ණය ආධාර සපයා තිබෙනවා.

එම ශිෂ්‍ය කණ්ඩායම සඳහා අදාළ සියලු අනුමැතීන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය එක් ව ලබා දී ඇති අතර ඉදිරි සතිය තුළ දී ලංකා බැංකුව හා මහජන බැංකුව සමග ණයලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ණය ගිවිසුම්ගත වීම සිදු කිරීමට ද නියමිතයි.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවා ගැනීමට අදාළ ව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබා දීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් ඉදිරි සතියේ දී මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...