රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවයි.
මේ හෙතුවෙන් කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා තවදුරටත් පවසා තිබෙනවා.