26 C
Colombo
Sunday, October 6, 2024

‘ඩෙවෝන් 5’ යාත්‍රාවේ ඛේදවාචකයෙන් දිවි බේරාගත් ධීවරයා කියූ කතාව

- Advertisement -

තංගල්ල ධීවර වරායෙන් බහුදින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩෙවෝන් 05 යාත්‍රාවේ ධීවරයන් 06 දෙනාගෙන් 05 දෙනකුම පසුගිය 29 සහ 30 යන දෙදින තුළ ජීවිතක්ෂයට පත් වුණා.

ඒ, මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීම හේතුවෙන්.

ඩෙවෝන් 05 යාත්‍රාවේ ස්කීපර්වරයා ලෙස කටයුතු කළ තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි තිදෙරු පියකු වූ එම්. ජේතනයනකාන්ත, ධීවරයන් ලෙස කටයුතු කළ වැලිගම, ජයරළපුර පදිංචි එක් දරු පියකු වූ 32 හැවිරිදි එම්. ජී. සුජිත් සංජීව, තංගල්ල, ගොයම්බොක්ක, මුතුමාල මාවතේ පදිංචි 23 හැවිරිදි පැතුම් දිල්ශාන් ජයසූරිය, තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි 34 හැවිරිදි ආර්. බී. ජී. ප්‍රදීප් නිශාන්ත යන පුද්ගලයින් මෙම සිදුවීමෙන් මිය ගියා.

මෙම ඛේදවාචකයෙන් එක් ධීවරයෙකු තම ජීවිතය බේරාගැනීමට සමත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු ‘දිවයින’ පුවත්පතට සිය අත්දැකීම පිළිබඳව අදහස් පළ කර තිබුණේ මෙලෙසින්,

“අපි මුහුදේ ගසාගෙන ආ මේ බෝතලය අමාරුවෙන් අහුලාගෙන කට්ටියත් එක්ක මෙහෙම බිව්වා. මම එක උගුරයි බිව්වේ. මට ලොකු වෙනසක් දැනුණා. මගේ මුළු බඩ පපුවම දාලා ගියා වගේ දැණුනා. මම අනිත් අයට කිව්වා බොන්න එපා. මේක නම් විස්කි වෙන්න බෑ කියලා. නමුත් ඒ අය ගණන් ගත්තේ නෑ.

කොහොම හරි පැය කිහිපයක් යනකොට කට්ටිය බඩවල් අල්ලගෙන කෑ ගහන්න ගත්තා. මගෙත් ඔළුව කැරකෙන්න ගත්තා. මම ඉක්කමනට ගිහින් උණු වතුර ටිකක් හදාගෙන බිව්වා. උයන්න ගෙනිහින් තිබුණු පොල් ගෙඩියකුත් ගාලා ඒකේ පොල් කිරිත් මම බිව්වා. ඒ වෙනකොට බෝට්ටුවේ ස්කීපර් ලෙස කටයුතු කළ නයනකාන්ත අයියා බෝට්ටුවේම මැරිලා වැටුණා මම බලාගෙන ඉද්දිම. අනිත් අයටත් ඒ වෙනකොට ගොඩක් අමාරුයි. මටත් වෙන කර කියා ගන්න දෙයක් තිබුණේ නෑ. මම ඉක්මනට බෝට්ටුවේ තිබුණු රේඩියෝවෙන් ගොඩබිමට ඇමතුමක් දීලා මේ සිද්ධිය කිව්වා.

අපිව ඉක්මනින් බේරගන්න කියලා අපේ අනිත් යාත්‍රාවලටත් කිව්වා. කොහොම හරි මම බලාගෙන ඉද්දිම ජයසූරිය මල්ලිත්, ප්‍රදීප් මල්ලිත්, සුජිත් මල්ලිත් බෝට්ටුවේදී මැරුණා. මමත් එක්ක අජිත් අයියා ඉතුරු වුණා. මම යන්තම් හරි විඳදරාගෙන බෝට්ටුවේ හාන්සි වෙලා හිටියා. අජිත් අයියට නම් සිහියක් කඳක් තිබුණෙම නෑ වගේ. හැබැයි ඔහුට පණ තිබුණා. මම කීයටවත් හිතුවේ නෑ මටත් ජීවත් වෙන්න ලැබේවි කියලා. මම පොල් කිරි බිව්ව නිසා වමනේ දමලා මම බේරුණා. අනික මම බිව්වෙත් එක උගුරක් විතරයි’


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...