26 C
Colombo
Sunday, October 6, 2024

මහින්ද එක්ක එකට ඉන්නෙ හේතුව රනිල් හෙළි කරයි

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සදාකාලිකවම දේශපාලන සටනක් තිබුණත්, රට ගොඩනැඟීමට අත්‍යවශ්‍ය අවස්ථාවේදී එකට එක්ව සහයෝගයෙන් කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රෝහිත අබේගුණවර්ධන මහතාගේ සියවසක් වැනි 27 ක් සැමරුම් උළෙලට ඊයේ (06) එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

රට දේශපාලන අර්බුදකයට මුහුණ දී තිබූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉවත් වූවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය භාර ගැනීමට කටයුතු නොකළ බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළේ රට අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකදී එකට එක්ව කටයුතු කිරීම සඳහා ප්‍රධාන පක්ෂවලට වගකීමක් පවතින බවයි.

මේ වන විට තමාට, පොදු ජන පෙරමුණේ රැස්වීම්වලට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම්වලටද යෑමට හැකියාව තිබෙනව බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි දෙන්න දෙපැත්තෙ හිටියෙ, එකට එකතු වුනේ නැහැ. ඒ තියන සටන හැමදාම තිබුණා. ඒත් අද මම මෙතන ඉන්නේ ඇයි, චන්දිරකා මැතිනියත් එක්ක මම එකට වැඩ කරනකොට කවුරුත් ඒ ඇයි කියලා ඇහුවේ නැහැ..  2020 කොවිඩ් කාලයෙන් පස්සෙ මට එතුමා එක්ක රටේ තත්වෙ ගැන කතා කරන්න හම්බුණා. මම කිව්වා අපි IMF යන්න ඕන කියලා එතුමා එකඟ වුණා. 2021දී IMF එකේ කළමණාකාර අධ්‍යක්ෂකවරිය එක්ක මම කතා කළා. ගෝඨාභය මැතිතුමා පණිවිඩයක් දුන්නා ගිහින් දෙන්න. මම ඒ ගැන ලෝකෙට  කෑගහන්න ගියේ නැහැ.

මැයි 09ට ඉස්සෙල්ල සතියේ පාර්ලිමේන්තුව තිබ්බා.  විපක්ෂය යෝජනා කළා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව බිඳ වැටුණොත් විපක්ෂ නායක තුමාට අගමැතිකම දෙන්න. මම කිව්ව ඒකනෙ සම්ප්‍රදාය කියලා. ඒත් එතුමා අයින් වුණාට පස්සේ විපක්ෂ නායක තුමා ඒක භාර ගත්තේ නැහැ. එයාට යුතුකමක් තිබුණා මේක භාරගන්න. මගෙ මිත්‍ර අනුර හොයාගන්නත් නැහැ. දවස් දෙකක් අගමැති කමට මිනිස්සු හොයනවා. කොයි රටේද මෙහෙම අගමැතිකම ඕනද කියල හිඟා කෑවේ. මේ රටේ ආණ්ඩුව ගෙනියන්න බැහැ අගමැති නැතුව. මං ඉල්ලුවෙ නැහැ මට එන්න කිව්වා. මම කිව්ව සහයෝගය දෙන්නම් කියලා.. අපි ආණ්ඩුව ගෙනිච්චා, එච්චරයි. මෙතුමයි මමයි දැන් දේශපාලනේ හුඟක් දුරට ඉවර කරලා තියෙන්නේ. රටක් කඩාගෙන වැටුණාම ප්‍රධාන පක්ෂවලට යුතුකමක් තියෙනවා එකට වැඩ කරන්න. අපේ එකක් තියෙනවා ගහගෙන තියෙනවා මරාගෙන තියෙනව. ඒත් 1931 ඉඳන් එක පක්ෂයක් පැරදුනාම අනිත් පක්ෂයට ඉඩ දීලා ප්‍රජාතන්ත්‍රවාදීව බැහැල ගිහින් තියෙන ආසියාවෙ එකම රට ලංකාව විතරයි.”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...