මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු මෙන්ම විශිෂ්ට රංගන ශිල්පියෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා.
මිය යනවිට ඒ මහතා, 88 වන වියේ පසුවුණා.
පරිපාලන සේවයේ තනතුරු රැසක් දරා ඇති ලයනල් ප්‍රනාන්දු මහතා උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
උතුරු නැගෙනහිර ගැටුම් පැවති කාලයේ දී යාපනයේ දිස්ත්‍රික් ලේකම් ධුරය දරමින් වගකීම් ඉටුකළ ඒ මහතා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.
ලයනල් ප්‍රනාන්දු මහතා විශිෂ්ට රංටගන ශිල්පියෙකු ද වන අතර මහගෙදර, තිලක හා තිලකා, පර සතුරෝ වැනි සිනමා නිර්මාණවලට සිය රංගන දායකත්වය ලබාදුන්නා.
එමෙන්ම එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සුප්‍රකට මනමේ මුල්ම නිෂ්පාදනයේ වැදි දෙටු ලෙස චරිත නිරූපනයට ද ලයනල් ප්‍රනාන්දු මහතා එක්වුණා.
ප්‍රවීණ කලාකාරිනියක වූ සෝමලතා සුබසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා ප්‍රවීණ නිලි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ පියාණන්ද වනවා.
අභාවප්‍රාප්ත ලයනල් ප්‍රනාන්දු මහතාගේ දේහය හෙට (08) උදෑසන 9.30 සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.