28 C
Colombo
Tuesday, September 17, 2024

වනිඳුට ලක්ෂ 11ක දඩයක්

- Advertisement -

ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ කැන්ඩි ෆැල්කන්ස් කණඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක දඩයක් නියම කිරීමට ලංකා ප්‍රීමීයර් ලීග් තරග කමිටුව විසින් තීරණය කර තිබෙනවා .

LPL තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත ඔහුට මෙම දඩය පනවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක් බව සඳහන්.

ඒ අනුව, මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කර තිබෙනවා.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත ඇඳුම්,උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනස් ලාංඡනයක් සහිත “හෙල්මටයක් ” පැළඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිස තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා ඉවත් කරන ලෙසට ඔහුට දැනුම් දී තිබුණත් ,විනිසුරුවරයාගේ තීරණයට අවනත නොවීම හේතුවෙන් මෙම දඬුවම වනිඳුට හිමිව තිබෙනවා .

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලකට අනුව තරඟ තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් එම දඬුවම නිල වශයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට දැනුම් දී තිබුණා.

මෙම සිදුවීම හේතුවෙන් LPL තරගාවලියේ සියලු ක්‍රීඩකයන් වෙත තරඟ කමිටුව දැනුම් දී ඇත්තේ කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමෙන් වළකින ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...