ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ ජනප්‍රිය තෙළිඟු සිනමා නළුවකු වන විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මේ වන විට විජේ ඔහුගේ 12 වැනි චිත්‍රපටයේ රඟපාන අතර චිත්‍රපටිය තාවකාලිකව නම් කර ඇත්තේ ‘VD12’ යනුවෙන්.
ඒ අනුව, විජේ ලංකාවට පැමිණ ඇත්තේ එහි රූගත කිරීම් වෙනුවෙන්.
ශ්‍රී ලංකාවේ දර්ශනීය පසුතලය සහිත ස්ථාන කිහිපයකම මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ජර්සි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගෞතම් දිනුරි විසින්.