26 C
Colombo
Sunday, December 22, 2024

කෙහෙළියගේ ගෙදර කුලිය පඩියෙන් කපාගන්න කියලා

- Advertisement -

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවාස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් එවා ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අරගලය අවස්ථාවේදී  ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබුවා.

ඔහුට එහෙම නිවස ලබාදී තිබුණේ  මාසික මන්ත්‍රී වැටුපෙන් 10%​ක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතයි.

රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද  ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබුණා.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල අය කර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී  මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

ඒ අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල  මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවයි.

කෙසේවෙතත් මුදල්  අය කර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය ඒ අවස්ථාවේදී දැනුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES