28 C
Colombo
Friday, April 18, 2025

ක්ලබ් වසන්ත අවසන් වරට පෙනී සිටි ඡායාරූපය

- Advertisement -

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීමට සුළු වේලාවකට පෙර ගත් ඡායාරූපයක එහි සිටි සියලුදෙනා මෙලෙස දැක්වුණා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෙඩි වැදීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ, මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද තුවාල ලැබූ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, මේ වනවිට කේ. සුජීවා මහත්මියට ශල්‍යකර්මයක් සිදුකරමින් පවතින බවයි.

වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වූ අතර ඔවුන් මෝටර් රථය මඟ දමා වෑන් රථයකින් පළා යන අයුරු CCඨ්V කැමරාවල සටහන් වුණා.

කෙසේවෙතත්, අද පස්වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම වෙඩිතැබීම විදෙස් රටක සිට සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙය සැලසුම් සහගත වෙඩිතැබීමක් බවත්, කලක සිට පැවති මතභේදයක් වෙඩිතැබීමට හේතුවිය හැකි බවට පොලීසිය සැකපළ කරන බවත් ඔහු පවසනවා.

ඔහු සඳහන් කළේ, වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රටින් පැන ගොස් ඇතැයි කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මේ අතර, කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රිවෝලර්වරයක් සොයාගත් බවත්, එය ලියාපදිංචිකර ඇති ද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මීට පෙර ද 2017 වසරේ එම ස්ථානයේ සැලුන් එකක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහිදී ද මෙවැනිම වෙඩිතැබීමක් සිදුවූ බවත් නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි වැදීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා. නාඳුනන...

එගොල්ලෝ ආණ්ඩුවේ කියලා එයාලටම අමතක වෙලා – නලින් බණ්ඩාර

වත්මන් විපක්ෂය තරම් හොඳ විපක්ෂයක් ඉතිහාසයේ නොසිටි බවත්, ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ කළේ රට ගිනි තැබීම සහ ඇවිළවීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සිරි දළදා වන්දනාව: සජීවී තොරතුරු දැනගන්න වෙබ් පිටුවක්

 “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී...

POPULAR ARTICLES