28 C
Colombo
Sunday, October 6, 2024

ක්ලබ් වසන්ත ඝාතන කුමන්ත්‍රණය ගැන පොලීසිය කියන කතාව

- Advertisement -

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරනවා.

අතුරුගිරිය නගර මංසන්ධියේ ඔරලෝසු කණුවේ සිට ඔරුවල පාරෙහි මීටර් 50ක පමණ දුරකින් පිහිටි එම ගොඩනැගිල්ලේ උඩුමහලේ, ටැටූ ආයතනයක් විවෘත කෙරුණේ අද (08) පෙරවරුවේයි.

ඒ, ටැටූ නිර්මාණකරුවෙකු බව කියන දුලාන් සංජුල නමැත්තෙකු විසින්.

ඊට ප්‍රධාන ආරාධිතයින් ලෙස, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා යන මහත්ම මහත්මීන් ආරාධනා ලැබ තිබුණා.

වෙඩිතැබීම සිදුව තිබුණේ එම උත්සවය අතරතුරයි.

වෙඩි තැබීම සිදුවන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබුණා.

ඔරුවල පාර ඔස්සේ පෙරවරු 10.15ට පමණ පැමිණි සුදු පැහැති මෝටර් රථයක් ඔරලෝසු කණුව වටරවුමෙන් නැවත ඔරුවල පාරටම හරවා එම ගොඩනැගිල්ල අසල මාර්ගයේ නතර කරන අයුරු එහි සඳහන්.

පසුව ගිනිඅවි අතැති දෙදෙනෙකු උඩු මහලේ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වී වෙඩිතබන ආකාරය ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබුණා.

මුව ආවරණ පැළඳ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ වෙඩික්කරුවන් එහි සිටි පිරිසට නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

වෙඩි ප්‍රහාරය අතරතුර ඉන් බේරීම සඳහා පුද්ගලයෙක් සැඟවෙන අයුරු දැකගත හැකි අතර ඔහු ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයා බව වාර්තා වනවා.

ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් යුහුසුලුව රෝහල්ගත කරනු ලැබුවා.

ටැටූ නිර්මාණකරණයේදී සේවාදායකයා අසුන් ගන්නා එම අසුනට පිටුපසින් පිහිටි බිත්තියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අයුරු එම ඡායාරූපයෙන් දැකගත හැකියි.

එහි යම් අයෙකු අසුන්ගෙන සිටියේ, නම් එම තැනැත්තාගේ හිස සීමාවෙන්ද බිත්තියට උණ්ඩ වැදී ඇති අයුරු දිස්වෙනවා.

ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක දැක්වෙන්නේ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ ටැටූ මධ්‍යස්ථානයේ අසුන්ගෙන සිටි ආකාරයයි.

ඊට අමතරව, එම මධ්‍යස්ථානයේ පිහිටි අසුන් අසල රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු කිහිපයක්ද දැකගත හැකිවුණා.

උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජනප්‍රිය ගායන ශිල්පී කේ. සුජීවා මහත්මිය ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.

තුවාල ලැබූ 55 හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි මැණික් විජේවර්ධන සහ තවත් පුද්ගලයෙක් හා කාන්තාවක් ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටයි.

රෝහල්ගත කිරීමෙන් පසු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය – රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නයන වාසුල විජේසූරිය යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ අතර, ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිඳට සැත්කමක් සිදුකළ බවද වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ. සුජීවා සහ තවත් අයෙක් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

කේ. සුජීවාගේ පාදවලට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය අද දහවල් සැත්කමකට ලක්කර තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය ක්ලබ් වසන්ත නමැත්තා වී ඇති බව පොලීසිය පවසනවා.

ඝාතකයන් පැමිණි මෝටර් රථයේ රියදුරාද ඇතුළුව සිව් දෙනෙකු සිට ඇති බවත්, ඉන් දෙදෙනකු ගිනිඅවි අතැතිව උඩු මහලට යද්දී තවත් අයෙක් ටී 56 ගිනිඅවියක් සමඟ මෝටර් රථයේ රැඳී සිට ඇති බව වාර්තා වනවා.

වෙඩි තබා පළාගිය ඝාතකයන් සිය මෝටර් රථය කොරතොට ප්‍රදේශයේදී නවත්වා වෙනත් වෑන් රථයකට මාරු වී ඇති බව පොලීසිය පවසනවා.

වෑන් රථයෙන් තවත් ප්‍රදේශයකට ගිය සැකකරුවන් එහිදී තවත් මෝටර් රථයකට නැග පළාගොස් ඇතැයි පොලීසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම, සැකකරුවන් පැමිණි සහ පළාගිය සියලු වාහනවල සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එම මොටර් රථය එකලස් කළ එකක් බවයි.

පළාගිය සැකකරුවන් සොයා ගැනීමට බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 6ක් මේ වනවිට යොදා තිබෙනවා.

මේ අතර, වෙඩි තැබීම සිදුකළ ස්ථානය කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් ඩී.පී.ජී.කරුණාරත්න මහතාගේ පරීක්ෂාවට අද පස්වරුවේ ලක් කෙරුණි.

එම ස්ථානයේ තිබී පතොරම් කොපු කිහිපයක් හමුව ඇති අතර එහි ”ඛ්ඵෛ” ලෙස යෙදුමක් නිරීක්ෂණය කළ බව පොලීසිය පවසනවා.

ඒ අනුව, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් එම වෙඩි තැබීමට ඇති බව පොලිසිය සැක පළකරනු ලබනවා.

කෙසේ වෙතත් එම මධ්‍යස්ථානය ආරම්භ කළ ටැටූ නිර්මාණකරු දුලාන් සංජුල නමැත්තාට වෙඩි තැබීමෙන් හානි සිදුව නැහැ.

මෙම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත එම ස්ථානයට සම්බන්ධ කරගත්තේ සැලැස්මක් අනුව දැයි පොලීසිය සැක පළ කරනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ගේ ආරක්ෂාව ගැන බොරු කියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මේ වන විටත් හිටපු...

කල්ප ගුණරත්න අත්අඩංගුවට ගැනිම ගැන සජබෙන් නිවේදනයක්

පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ...

මහමැතිවරණය තහනම් වු පක්ෂ මෙන්න

ඉදිරි මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 06කට තරග කිරීමට අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය,ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,එක්සත් ලංකා...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...